mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

පේශල පූර්ණිකා එක්ක සම්බන්ධයක් තියනවා කියන කතාවට උත්තර බදියි

පූර්ණිකා පීරිස් සහ සහන් අබේසේකර කියන ජනප්‍රිය යුවල විවාහය කඩාකප්පල් කර ගත්තේ ඒ දෙදෙනා මැදට පේශල මනෝජ් පැමිණීම නිසා බවට රාවයක් පැතිරෙනවා. ඒ ගැන පේශල මාධ්‍යයට ප‍්‍රකාශ කරන්නේ.
‘‘මම කුලියට ගෙයක් අරගෙන පූර්ණිකාව තියාගෙන ඉන්නව කියල කතාවක් පැතිරෙනව. ඒ කතාව බොරු. මම ජීවත් වෙන්නෙ අම්මයි, තාත්තයි එක්ක. මගේ අම්ම තාත්තා නරක මිනිස්සු නෙමෙයි. මටත් ඒ හොඳ ගතිගුණ තියෙනවා. පූර්ණිකා පීරිස් කියන නිවේදිකාව මට කසාද බඳින්න ඕන නම් මම එයා දික්කසාද වෙලා ආවට පස්සෙ කසාද බඳිනවා. මට හොරෙන් එයාව ආශ්‍රය කරන්න උවමනාවක් නැහැ. පූර්ණිකාත් මාත් අතරෙ එහෙම සම්බන්ධයක් නැහැ..’’
පූර්ණිකා, සහන්, පේශල කියන තුන් දෙනාම රැකියාව කළේ එකම මාධ්‍ය ආයතනයක. විවාහය දෙදරා යාමත් සමග සහන් අබේසේකර එම ආයතනයෙන් ඉවත් වී වෙනත් රැකියා ස්ථානයකට ගියා. නමුත් පේශල සහ පූර්ණිකා තවම එකම සෙවණක වැඩ.
‘‘මට පූර්ණිකා එක්ක එකට වැඩ කරන්න බැරිකමක් නැහැ. දැක්ක තැනකදි කතා කරන්න මට කොන්දක් තියෙනවා. පූර්ණිකා එක්ක සම්බන්ධයක් තියෙනවා නම් මම ප්‍රසිද්ධියෙ කියනවා. පස්සෙ කියන්න තියාගන්නෙ නැහැ. මම දන්නවා මම විවාහ තුනක් කරගත්තා කියලත් කතාවක් යනවා. ඒත් එහෙම නැහැ. මම ඉගෙන ගෙන ඉවර වෙලා ලංකාවට ආවෙත් 2010 අවුරුද්දෙ.’’ පේශල වැඩි දුරටත් කියා සිටියා.

Related posts

අවුරුදු 18දී එයත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා – එතනින් පස්සෙත් කොල්ලෝ ට්‍රයි කරනවා – රයිනි ගුණතිලක

Shiran Viraj

කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේ

Shiran Viraj

මෙරට ප්‍රථම භූතාප විදුලි බලාගාරය ඉදිවෙයි

Shiran Viraj
Translate »