mediahumanrights.lk
NewsSportsSports News

නැවත පැමිණි ලසිත් මාලිංගගෙන් ඔස්ට්‍රේලියානු තරගාවලියට පෙර අවවාදයක්

  • ලසිත් නැවත පැමිණීම ගැන සතුටු වෙනවා. – තිලංග
  • පුහුණුතරගයේ හොඳින් පන්දුයැවීමයි අරමුණ – මාලිංග
  • නායකත්වය භාර ගන්නවා ද ? 
  • ඔස්ට්‍රේලියාව සමග ක්‍රීඩා කළ යුත්තේ කෙසේ ද ? 

වසරක නිහඬතාවකින් පසුව නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව තිබේ.
පසුගිය වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ආබාදයට ලක්වීම හේතුවෙන් මාලිංගට නැවත ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවීය.
thilanga sumathipala press (1)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද පැවැති මාධ්‍ය හමුවකදී නිළ වශයෙන් එය ප්‍රකාශයට පත් කරමින් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20/20 කණ්ඩායමට මාලිංග නැවත කැඳවූ බවයි.

“මාලිංග නැවත සම්බන්ධවීම ලොකු ශක්තියක්. අපි බොහෝ කාලයක් ඔහු කණ්ඩායමට එකතුවෙයි කියල බලාපොරොත්තු වුණා. දැන් හොඳ තත්වයක මාලිංග සිටින නිසා අපිත් කල්පනා කළා, ඉදිරියට යන්නනම් 20/20 තරගාවලියට සහභාගීවෙලා මේ තරගාවලියත් එක්ක චැම්පියන්ස් කුසලානය දක්වා, වගේම ලෝක කුසලාන තරගාවලිය දක්වා මාලිංගව ගෙන යෑමට.” – තිලංග සුමතිපාල

ලසිත් මාලිංග මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඉදිරි තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගයේ දී පන්දුයවන ආකාරය ගැන වැඩි අවධානය යොමුකර සිටින බවය.

“ලැබෙන තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. පුහුණුතරගයක් පැවැත්වෙනවා. ඒ තරගයෙ හොඳින් පන්දු යැව්වොත් අවස්ථාවක් ලැබෙයි ඉතිරි තරග ක්‍රීඩා කරන්න. පළමු අරමුණ තමයි පුහුණු තරගය ක්‍රීඩා කරල දක්ෂතා අතර ඉන්නවද කියල හොයාගන්න එක. ඒක තේරීම් කමිටුවටත් ලේසී නායකටත් ලේසී. මාව ගේනවද තීරණය කරන්න.” – ලසිත් මාලිංග

lasith malinga return to cricekt pressනායකත්වය නැවත භාරගැනීමට සූදානම් ද ?

“මම නායකත්වයේ ඉන්න අවස්ථාවේදීයි ඉවත්වන්න සිද්ධ වුණේ ආබාදය නිසා,නැත්තං මට කිසිම හේතුවක් තිබුණෙ නැහැ අයින් වෙන්න. දැන් මම අවුරුදු 33 ක ක්‍රීඩකයෙක් මම වසර කීයක් ක්‍රීඩා කරයිද දන්නෑ. නමුත් යම් කිසි දවසක හිතුනොත් මගේ දැනුම හෝ යම් කිසිදෙයක් ක්‍රීඩාවට ලබා ගත යුතුයි කියල. ඉඳපු කාලය තුළ මම ඒක කරල පෙන්නල තියෙනවා. එහෙම අවස්ථාවක් ආවොත් සහය දක්වනවා. ” – ලසිත් මාංලිග

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු ආකාරය ගැනද ලසිත් මාංලිග මෙහිදී අදහස් පල කළේය‍
ඔස්ට්‍රේලියාව වැනි ස්ථානයක ක්‍රීඩා කිරීමේදී,ශ්‍රී ලංකාවට ආවේණික සැලසුමකට අනුව ක්‍රීඩා කළ යුතු බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
මාලිංග පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ සිට කණ්ඩායමට අවේණික ශක්තියෙන් ක්‍රීඩා කිරීමෙන් තරග සාර්ථකව අවසන් කළ හැකි වූ බවයි.

“යන්නෙ ඔස්ට්‍රේලියාවට අපි රට දන්නව, හැබැයි අපි ක්‍රීඩා කළ යුතු වන්නේ ආසියාවේ කණ්ඩායමක තියෙන ස්ට්‍රෙන්ත් එකට. අපිට ලොකු වේගපන්දු යවන්නන් නැහැ. අපි මෙච්චර කාලයක් ලෝකයේ ක්‍රිකට් එක්ක හැප්පුනේ අපේ තියෙන වේරියේෂන් වලින්. ඒක නිසා අපි අපේ ස්ට්‍රේන්ත් එකට ක්‍රීඩා කළොත් හොඳ තරගාවලියක නිමාවක් දකින්න හැකි වේවි. අපි එයාලට ඕනදේ කළොත් අපි හරියන්නෙ නැහැ. ” – ලසිත් මාලිංග

පන්දුවාර 20/20 ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශේෂඥ්ඥ පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජාත්‍යන්තර 20/20 තරග 62 කදී කඩුලු 78 ක් දවා ගෙන ඇති අතර, ප්‍රමුඛ පෙළ 20/20 තරග 221 කදී කඩුලු 299 ක් දවා ගෙන ඇත.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය ලබන 17 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර 15 වැනි දා පුහුණු තරගයක් පැවැත්වේ.

 

Related posts

හෙට සිට යළි කාලගුණය රළු වෙයි!

Shiran Viraj

දීර්ඝ තෙල් පෝලිම්…

Shiran Viraj

Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..

Shiran Viraj
Translate »