mediahumanrights.lk
International NewsNews

තමිල්නාඩු මහ ඇමැති ධුරය ලබා ගන්න ශෂිකලා උපවාසයකට

තමිල්නාඩුවේ මහ ඇමැති ධුරය සඳහා දිවුරුම් දීමට නියමිතව සිටින ශෂිකලා නටරාජන් උපවාසයක්‌ ආරම්භ කිරීමට සූදානම් වේ.
තමිල්නාඩු ආණ්‌ඩුකාර විද්‍යාසාහර් රාඩ් තමන්ට දිවුරුම්දීමට අවස්‌ථාව සලසා නොදෙන්නේ නම් හිටපු මහ ඇමැතිනි ජයලලිතාගේ සොහොන මත උපවාසයක්‌ ආරම්භ කරන බව ශෂිකලා කියයි.
ශෂිකලා නටරාජන්ට මහ ඇමැති ධුරය භාර ගැනීම සඳහා තම ධුරයෙන් ඉල්ලා අස්‌වූ හිටපු මහ ඇමැති ඩී. පන්නීර් සෙල්වම් පසුව සිය මතය වෙනස්‌ කරමින් ජනතාවට ප්‍රකාශ කරන්නේ නම් තමා යළිත් මහ ඇමැති ධුරය භාර ගැනීමට සූදානම් යෑයි ප්‍රකාශ කිරීමත් සමග තමිල්නාඩුවේ දේශපාලන අර්බුදය හටගෙන ඇත.
ශෂිකලා නටරාජන් මහත්මියට මන්ත්‍රීවරුන් 127 ක්‌ කැමැත්ත පළකර ඇත. ජයලලිතා ජෙයරාම් මහත්මිය පසුගිය දෙසැම්බරයේ මරණයට පත්වූ අතර ශෂිකලා නටරාජන් හිටපු මහ ඇමැතිවරියගේ විශ්වාසවන්තම සහායිකාව වේ.

Related posts

කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…

Shiran Viraj

පාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයි

Shiran Viraj

මහ මැතිවරණය පිළිබඳ ව අමෙරිකාවෙන් සුබ පැතුම්

Shiran Viraj
Translate »