mediahumanrights.lk
Business Business News News

Uber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් හා අපචාර වැළැක්වීම සදහා පුළුල් වැඩපිළිවෙලක් සැකසේ. ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශව සමග ඒකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව කැදවා තිබුණේ ඇමති මහින්ද යාපා අබේගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි මාතර දිස්ත්‍රික්  ලේකම්වරයා විසිනි. වැලිගම සංචාරක කලාපය ආශ්‍රිත ව සිදුකෙරෙන අපචාර හා නීති විරෝධි ක්‍රියා වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීම කැදවා තිබුණි. වැලිගම සංචාරක කලාපයේ අක්‍රමිකතා රැසක් සිදුවන බවටත්, මේ නිසා දෙස් විදෙස් සංචාරකයන් මෙන් ම ප්‍රදේශවාසීන් ද බරපතළ පීඩාවකට පත් ව සිටින බවත් මෙහි දී අනාවරණය විය. රැස්වීමට සහභාගී වු හෝටල් හිමියන් සදහන් කළේ වැලිගම සංචාරක කලාපයේ සංචාරක හෝටල් හා ලැගුම්හල් 416 ක් පිහිටා තිබුණත් ලියාපදිංචි කර තිබුණේ 16 ක් පමණක් බවයි. එමෙන් ම මුහුදේ කිමිදීම, තල්මසුන් නැරඹීම වැනි කටයුතු වලදී ද විවිධ අක්‍රමිකතා සිදුවන බව ඔවුහු පෙන්වා දුන්හ. ඇතැම් සංචාරකයන් සංචාරක වීසා මත දිවයිනට පැමිණ නීති විරෝධි ලෙස මෙරට රැදී සිටින බවත් ඔවුන් විවිධ නීති විරෝධි ක්‍රියාවලීන් සදහා යොමු වී ඇති බවත්, මෙහි දී අනාවරණය විය. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටි අවධීයේ දී එම ප්‍රදේශවල ලියාපදිංචි නොවු සංචාරක නිකේතන වලට එක් දීනක දී පැයක් තුළ මත්පැන් විකිණිමේ අවසරපත්‍ර 24 ක් ලබා දී තිබුණ බවත් මෙහි දී අනාවරණය විය. පසුගිය රජය සමයේ වැලිගම සංචාරක කලාපයේ පවතින අපචාර හා නීති විරෝධි ක්‍රියා වැළැක්වීම සාකච්ඡා ගණනාවක් තිබුණ ද පැවති රජය කළේ මෙම අපචාර හා නීතිවිරෝධි ක්‍රියා තවත් වැඩි වන ආකාරයෙන් කටයුතු කිරීම පමණක් බව ද ඔවුහු පෙන්වා දුන්හ. ප්‍රදේශයේ මත්කුඩු, මත් ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ද මෙහි දී අවධාරණය කෙරිණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේ සංචාරක කර්මාන්තයේ ඇති අපචාර හා නීතිවිරෝධි ක්‍රියා වැළැක්වීම සදහා රජයේ අවධානය යොමු වී ඇති බවයි. ඒ අනුව සංචාරක පොලීසියේ කටයුතු වඩාත් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. දැනට පවතින නිළ ඇදුම වෙනස් කර ඒ වෙනුවට නව නිළ ඇදුමක් හදුක්වා දීමට නියමිතයි. සංචාරක කළාප ආශ්‍රිත ව වෙන ම සංචාරක පොලීසියක් ස්ථාපනය කෙරේ. ඒ සදහා අවශ්‍ය නිළධාරීන් ද බදවා ගැනීමට අපේක්ෂිතයි. එහි දී විවිධ භාෂා හැකියාව ඇති පොලිස් නිළධාරීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය. නව පොලිස් ස්ථාන පිහිටුවීමට කඩිනමින් පියවර ගන්නා බව ද මෙහිදී ඇමතිවරයා කීවේය.

දැනට භාවිතා වන ඌබර්, පික් මී වැනි අන්තර්ජාල යෙදවුම් (App) වෙනුවට නව යෙදවුමක් හදුන්වා දීමට ද රජයේ අවධානය යොමු වී තිබේ. සංචාරක මණ්ඩලය යටතේ ක්‍රියාත්මක මෙම යෙදවුම හරහා මෙරටට පැමිණෙන සංචාරකයෙකුට නවාතැන් පහසුකම්, කුලී රථ සේවා ඇතුළු සිය සංචාරයට අදාළ සියපු කටයුතු සුරක්ෂිතව ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට සංචාරකයින් ආරක්ෂා කර ගනිමින් සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවයි. 2025 වන විට රුපියල් බිලියන 10 ක ඉලක්කයක් සපුරා ගැනීම අරමුණයි. ඒ වෙනුවෙන් රජය කැප වී සිටින බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Shiran Viraj

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

Shiran Viraj

අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

Shiran Viraj