mediahumanrights.lk
Local News News

විදුළි සේවකයින් අද මැදියම් රැයේ සිට වැඩවර්ජනයක

විදුළි සේවකයින් අද (05) මධ්‍යම රාත‍්‍රීයේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම රාත‍්‍රී 12 ට ආරම්භවන වැඩ වර්ජනය හෙට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් ප‍්‍රකාශ කළේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි.
ඒ සඳහා වෘත්තීය සමිති තිස් දෙකක සාමාජිකයින් එක් වන බව ද ඔහු කියා සිටියා.
මේ හේතුවෙන් විදුළි සැපයුමට බාධාවක් එල්ල විය හැකි බවයි වැඩ වර්ජනයට එක්වන වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj

කොළඹ කෙසෙල්වත්තෙන් කොරෝනා ආසාදිතයන් 57ක් හමුවේ…

Shiran Viraj

ඉඩම් මුදලාලිගේ රට ගනුදෙනු ගැන පොලිසිය ඉව අල්ලයි

Shiran Viraj