mediahumanrights.lk
News Political

ජවිපෙ ආණ්ඩුවක් යටතේ සතියකින් ඉන්ධන ප‍්‍රශ්ණය විසදනවා.. වැඩි ඩොලර් ඉතිරිත් වෙනවා..

ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ සතියක් ඇතුළත මෙරට ඉන්ධන ප්‍රශ්නය විසඳීමට හැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මෙරටට මාසයකට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 430ක් අවශ්‍ය බවත් පවසන ඔහු සාමාන්‍යයෙන් විදෙස්ගත ලාංකිකයන් හරහා ඩොලර් මිලියන 650-700ක් පමණ මෙරටට ගෙන්වා ගත හැකි බවත් පෙන්වා දෙයි.

එම මුදල නිසි පරිදි ගෙන්වා ගත හැකි වූයේ නම් ඉන්ධන සහ ගෑස් ආනයනය කර තවත් මුදලක් ඉතිරි වන බව ද හෙතෙම කියා සිටී.

දැනට විදෙස්ගත ලාංකිකයන් එවන්නේ ඩොලර් මිලියන දෙසීයක පමණ මුදලක් වන නමුත් ඔවුන් විශ්වාස කරන ආණ්ඩුවක් බලයට පත්වූ නැවතත් රටට පුරුදු ලෙස ඩොලර් ගලා එන බවත් ඔහු පැවසීය.

Related posts

කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

Shiran Viraj

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘කොටසකට’ නිදහස් පක්ෂය විරුද්ධයි

Shiran Viraj

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

Shiran Viraj