mediahumanrights.lk
News Political

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…

පවතින ආණ්ඩුව අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රට තුල ඇතිව තිබෙන ජනතා උණුසුම මත මහ නාහිමිවරුන්ගේ ද ආශිර්වාදයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඉක්මනින් සිදු කල යුතු බවද ඔහු පැවසීය.

එසේ නොකළහොත් ජනතාව පාරට බැස ඉතා නරක තැනකට රට ගමන් කරනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගුරුදෙණිය ප්‍රදේශීය දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

Shiran Viraj

ප‍්‍රධානම සමාගම කොටස් වෙලදපලෙන් ඉවත් වේ…

Shiran Viraj

ලක්ෂ 33ක ග්ලයිෆොසේට් රේගු දැලේ

Shiran Viraj