26.6 C
Colombo
2025-07-30
mediahumanrights.lk
BusinessBusiness NewsNews

සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා, නාඩු, සුදු කැකුළු සහල් ගිය සතියට වඩා තවත් රුපියල් 10 කින් පමණ මිල වැඩි කර තිබේ.

එහි නිල දත්ත සටහන් කරුවා සඳහන් කරන්නේ සම්බා සහල් කිලෝ තොග මිල රුපියල් 155 දක්වාත්, නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 135 දක්වා වැඩිවී ඇති බවයි.

සුදු කැකුළු සහල් කිලෝවක තොග මිල ද රුපියල් 125 දක්වා වැඩි වී ඇති බව ඔහු පැවසීය.

සහල් කිලෝවක් කීයක් වූ අඩුවෙන් අලෙවි කිරීමට සංගමය උත්සාහ කළ ද පවතින මිල හමුවේ එය කළ නොහැකි බව මරදගහමුල සහල් වෙළෙඳ සංගමයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සභාපති රංජිත් කරුණාතිලක මහතා පැවසීය.

අද වන විට සම්බා වී කිලෝවක් රුපියල් සීයකට ද, නාඩු වී කිලෝවක් රුපියල් අසූවකට අලෙවි වන තත්ත්වයක් තිබියදී සහල් මිල අඩු කළ නොහැකි බව ද ඔහු කියා සිටියේය.

Related posts

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..

Shiran Viraj

'පැරදුනහම නිදහසට කරුණු වැඩක්‌ නැහැ' සනත් ජයසූරිය

Shiran Viraj

අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..

Shiran Viraj