mediahumanrights.lk
Local News News

නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..

නාත්තන්ඩියේ මත්ස්‍ය කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 56 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

පුත්තලම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකවරිය සඳහන් කරන්නේ මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී ආසාදිත බව හෙළි වූ බවයි.

තවත් පිරිසකට කරන ලද පරීක්ෂවල ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

මෙම කර්මාන්ත ශාලාවේ තුන්සීයකට වැඩි පිරිසක් සේවය කරන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට පරීක්ෂණ වලට සිදු කර වාර්තා ලැබෙන තෙක් කර්මාන්ත ශාලාව තුලම නිරෝධායනයට ලක් කර ඇත.

Related posts

Camping spots in Yosemite for an offbeat, adventure travel

Shiran Viraj

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයක් යටතේ පවත්වන්න තීරණයක්

Shiran Viraj

වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..

Shiran Viraj