mediahumanrights.lk
Local News News

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය.

ඔහු පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අදාළ වෛද්‍යවරයා සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

adaderananews

Related posts

ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!

Shiran Viraj

ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල දෙකඩයි..අලි නැට්ට අතහරින්න ජෝන් පිල සූදානම්..සිරිපාල පිල බෑමයි කියයි..

Shiran Viraj

රනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…

Shiran Viraj