mediahumanrights.lk
Local News News

ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..

ජීවිතාන්ත සිර දඬුවම මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් එහි ගත කර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීමට අවධානය යොමුව ඇත.

දැනට මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඩුවම් විඳින පිරිස 1116 දෙනෙකි.

බන්ධනාගාර මූලස්ථානය මාර්ග උපුටමින් ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ වසර විස්සකට අධික කාලයක් මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයන්ට ජීවිත සමාවක් ලබා දීමටත් වසර විසිපහක කාලයක් ජීවිතාන්ත සිර දඬුවම් විඳින්නට සාමාන්‍ය සිරකරුවකු ලෙසින් පොදු සමාවක් ලබාදී නිදහස් කිරීමටත් යෝජනා කර ඇති බවයි.

දැනටමත් මෙම සිරකරුවන්ගේ විස්තර සඳහන් නාම ලේඛනයක් වගකිය යුතු අංශ වෙත යොමු කර ඇතැයි ද සඳහන්ය.

අද වන විට බන්ධනාගාරවල පවතින අධික තදබදයට පිලියමක් ලෙස මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

lankacnews

Related posts

මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයි

Shiran Viraj

නොරොච්චෝල තවත් ජනන යන්ත‍්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…

Shiran Viraj

ලක්ෂ ගණනක් හුවමාරු වුණු, බුකිය කැළඹූ ඡායාරූපය පිටුපස කතාව – Photos

Shiran Viraj