mediahumanrights.lk
Local News News

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මළ සිරුර භූමදානය කිරීම සඳහා අවසරයක් ඉල්ලීම අසාධාරණ නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

තමනට දුරකථන ඇමතුමක් සියයක් ලැබුනහොන් ඉන් 99ක්ම කතා කරන්නේ ඒ ගැන බවද ඔහු පැවසීය.

තමන් තමන්ට හැකි උපරිමයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ ලෙස ඉදිරිපත් කළ විට අන්තවාදීන් ලෙස හංවඩු ගැසීමටද පිරිසක් සිටින බව ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දී ඇති බවද පවසන ඔහු මේ සම්බන්ධයෙන් මෙරට ද හැකියාව ඇත්දැයි සොයා බලන ලෙස තමන් ඉල්ලා සිටි බවද කියා සිටියේය.

උත්සන සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

Related posts

මහ පාරේ වෙඩි තබා මරයි..

Shiran Viraj

ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්

Shiran Viraj

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද

Shiran Viraj