mediahumanrights.lk
Business Business News News

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේ දී එම දේශීය අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමඟාමීව දේශීය ඖෂධ නිෂ්පාදනය ඉහළ දැමීමේ හා දිරි ගැන්වීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම මධ්‍යස්ථානය ඔස්සේ ඉදිරියේ දී විදේශීය ඇණවුම් සඳහා ඖෂධ නිෂ්පාදනය ද සිදු වේ.

lanka lead news

Related posts

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලට

Shiran Viraj

රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..

Shiran Viraj

අමාත්‍යාංශ 38 ක්‌ අසාර්ථකයි

Shiran Viraj