mediahumanrights.lk
Local News News

මංතීරු නීතිය ගාල්ලටත්

කොළඹ නගරයට සමගාමීව ගාල්ල නගරයේද මංතීරු නීතිය පිළිබද  රියදුරන් දැනුවත් කිරිමට ගාල්ල රථවාහන පොලිසිය කටයුතු කර තිබෙනවා. ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගාල්ල බස් නැවැතුම්පොළේ සිට මහමෝදර රෝහල දක්වා වු කොටසේ මංතීරු නීිතිය පිළිබද මෙහිදී රියදුරන් දැනුවත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අද උදෑසන 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට රාතී‍්‍ර 7.00 දක්වා කාලය තුල මෙම මාර්ගයේ ගමන් කරන රථවාහන රියදුරන්ට මංතීරු නීතිය පිළිබද සතියක කාලයක් දැනුවත් කිරිමටයි ගාල්ල රථවාහන පොලිසිය තීරණය කර ඇත්තේ. යතුරුපැදි, තී‍්‍රරෝද රථ, බස් රථ, ලොරි රථ, මාර්ගයේ වම්පසින් ගමන් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

Shiran Viraj

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…

Shiran Viraj