mediahumanrights.lk
International News News

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ

බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක පමණ සංඛ්‍යාවක් මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අලින් විශාල සංඛ්‍යාවක් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිය යාමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා මියගිය අලින්ගේ සිරුරුවල සාම්පල ලබා ගනිමින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

අප්‍රිකානු රටවල වෙසෙන අලින්ගෙන් තුනෙන් එකක පමණ සංඛ්‍යාවක් බොස්ට්ස්වානා රාජ්‍යයේ වාසය කරන බව වාර්තා වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසියේ වැසේ

Shiran Viraj

දුම්රිය රියදුරු සහයකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක

Shiran Viraj

උත්සව සමයේ සහල් මිල ඉහළ යන ලකුණු

Shiran Viraj