26.7 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

සියල්ලට ප්‍රථම සෞඛ්‍ය අංශ පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි-රවී

කොරෝනා ව්‍යාප්ති අවධානම හමුවේ සියල්ලට ප්‍රථමයෙන් රටේ සෞඛ්‍ය අංශ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතු බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (26) දා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කළ රවී කරුණානායක මහතා….

“දැන් එළඹිලා තියෙන්නේ කතා කරන අවස්ථාවක් නොවෙයි, මේ බයංකාර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා සැවොම එකාමෙන් එක්වී වැඩකළ යුතු අවස්ථාවක්. පසුගිය සමයේ  ආරක්ෂාවෙලා තිබුණ කොළඹ වැනි ප්‍රදේශ වලත් මේ වනවිට මේ වෛරසය ව්‍යාප්ත වෙලා තිබෙනවා.

ජනතාවගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් තමයි මේ ආකාරයට මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. අද අපිට සටන් කරන්න වෙලා තිබෙන්නේ, පෙනෙන සතුරෙක් සමග නොවෙයි. නොපෙනෙන සතුරෙක් සමඟයි. ඒක වඩාත් භයානකයි.

වයසක්, පාටක් නොමැතිව මේ සතුරා සටන් වදින නිසා අපි වඩාත් කලපනාකාරීව කටයුතු කළ යුතුයි.

කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමට ජංගම ස්ථාන ඇති කළ යුතුයි. ඒආකාරයෙන් මෙම වෛරසය මැඩපැවැත්වීඹට කටයුතු කළ යුතුයි.  

ප්‍රථමයෙන්ම අපේ සෞඛ්‍ය සේවය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි. ඉන් අනතුරුව සියලු ජනතාව ආර්කෂා කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ මේ වෛරසය අඩු කිරීම නොවෙයි, නැති කිරීමයි.

පාර්ලිමේන්තුව කැඳවීම හෝ ඡන්ද තැබීම නොවෙයි මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ.

රට වෙනුවෙන් සාර්ථක ක්‍රියාමාර්ග ගැනීමයි අත්‍යාවශ්‍ය වෙන්නේ.

පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ කියන්නේ බාරකාර ආණ්ඩුවකුත් අවශ්‍ය නැහැ කියන එකයි.

පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නැතිනම්, බාරකාර ආණ්ඩුවත් නෛතික භාවයෙන් තොරයි කියන නීතිමය තත්ත්වයක් නේද උදා වෙන්නේ.

දුරකතන සේවා ආයතන වලට අපි ස්තූතිවන්ත වෙනවා සම්බන්ධතා විසන්ධි නොකර තිබිම සම්බන්ධව.

ජනතාවට මේ අවස්ථාවේ බිල්පත් ගෙවීමේ දුෂ්කරතා තිබෙනවා මේ පවතින වාතාවරණය හමුවේ.

ඒ නිසා අහිංසක ජනතාවට මෙම පීඩාකාරී කාලසීම තුළ දුරකතන සබදතා විසන්ධි නොකරන ලෙස අපි කළඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ජනතාව ආරක්ෂා කිරීම තමයි අපේ පරම යුතුකම . ඒ තුළින් අපි රට ආරක්ෂා කළ යුතුයි.

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටලු. ඒ වගේම මේ අවස්ථාවේ අපට පැහැදිළිව දැකගත හැකියි නියම එක්සත් ජාතික පාක්ෂිකයින් කවුද , ඩීල්කාරින් කවුද කියන එක. එදා අපේ නායකයින් විසින් ඉතාමත් අසිරුවෙන් ගොඩනගාගෙන මෙතෙක් කලක් රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය, ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම අපේ යුතුකමයි” යැයි පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..

Shiran Viraj

කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළට

Shiran Viraj

බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…

Shiran Viraj
Translate »