mediahumanrights.lk
Local News News

මංගල සමරවීර වහා අත්අඩංගුවට ගන්න – මහින්දානන්ද

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගත යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරන්නේ සමරවීර මහතා විසින් රාජ්‍ය නිලධාරීන්, ජනතාව සහ රට නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.

පසුගියදා සමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක ජනාධිපතිවරයාට රාජ්‍ය මුදල් භාවිත කළ නොහැකි බවත් එය නීති විරෝධී බවත් සඳහන් කර තිබේ.

එමෙන්ම ඒ ආකාරයෙන් මුදල් භාවිත කළහොත් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බවයි සමරවීර මහතා සිය ලිපිය මගින් දක්වා ඇත.

නමුත් අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ඇති මුදල් බලතල පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන බවය.

එවන් තත්ත්වයක් යටතේ සමරවීර මහතා රට නොමග යැවීමට කටයුතු කර ඇති බවත්, ඒ ආකාරයේ අසත්‍ය චෝදනා සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නාවලපිටිය නගරයේ විෂබීජහරණ වැඩසටහනට අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

lanka lead news

Related posts

ඒරිස් -13 නෞකාව බේරා ගැනීම රාජතාන්ත්‍රක ජයග්‍රහණයක්

Shiran Viraj

ආර්ථික කණ්ඩායම දෙකට බෙදිලා.. බැසිල් එක මතයක.. කබ්රාල් තව මතයක.. කබ්රාල් ධුරයෙන් ඉවතට යයි තොරතුරු…

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..

Shiran Viraj