mediahumanrights.lk
Local News News

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුට සුවයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

ඒ අද (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් නව දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 435 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛද්‍ය අධීක්ෂණය යට‍තේ සිටින පිරිස 297 කි.

කො‍‍රෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම්

Shiran Viraj

සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයි

Shiran Viraj

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

Shiran Viraj