mediahumanrights.lk
Local News News

ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමග බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කර ඒවාගේ සියලු ප්‍රවේශ මාර්ග වසා දැමීමට කටයුතු කර තිබේ.

එසේ වසා දමා ඇත්තේ පන්විල, චීන කොටුව, කරදගොඩ, අඹේපිටිය, අක්කරගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ය.

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා පවසා පවසන්නේ එම ගම්මාන වලට කිසිවෙකුට ප්‍රවේශ වීමට හෝ ඉන් කිසිවෙකුට පිටවීමට නොහැකි ලෙස හුදකලා කර ඇති බවයි.

සෞඛ්‍ය අංශ විසින් කරනු ලබන නිර්දේශ මත මෙම හුදෙකලා කිරීම කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර බේරුවල පන්විල ප්‍රදේශයේ හඳුනාගත් කොරෝනා රෝගීන් සමග සමීපව කටයුතු කළ 56 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GL

Shiran Viraj

ඩොලර් බිලියන 05ක් හොයාගත්තා.. රට බේරාගන්නා වගකීම අප ගන්නවා..- රාජිත

Shiran Viraj

මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමි

Shiran Viraj