mediahumanrights.lk
Local News News

අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..

තවත් මාස හයක පමණ කාලයක් යනතෙක් රටතුළ ගමනාගමනය අවම කිරීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිරන්තරයෙන් දෑත් සේදීම, නිවසට ආසන්නම වෙළඳසැලෙන් ආහාර ද‍්‍රව්‍ය මිලට ගැනීම වැනි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ‍ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් රජයට යෝජනා කර ඇත.

එම සංගමයේ මහාචාර්ය ඉන්දීක කරුණාතිලක මහතා විසින් සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ දිනයේ මේ බව දැනුම් දී ඇත.

මේ මස 20 වැනි දින දක්වා කාලය තුල කොරෝනා වෛරසය දෙවැනි නැගීමක් අපේක්ෂා කළ හැකි බව ද ඒ ගැන වැඩි අවධානය කටයුතු කළයුතු බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙකක පමණ කාලය රටපුරා කොරෝනා රෝග තත්ත්වය ඉතාම අවදානම් විය හැකි බවත් තවත් සති හතරක් යනතෙක් රටේ ආරක්ෂක නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් යෝජනා කර ඇත.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම කරුණු පෙන්වා දී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..

Shiran Viraj

අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි – එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්

Shiran Viraj

බුලත්සිංහල තවත් නායයාම් අවදානමක් – පවුල් 22ක් ඉවත් කෙරේ

Shiran Viraj