mediahumanrights.lk
Local News News

අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්

දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්.

මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම අදත් (03) සිදු කරයි.

අද දිනයේද විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නොහැකි වන්නන්ට අප්‍රේල් 06 වන සඳුදා ඒ සඳහා වෙන්කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ඒ සඳහා ඔවුන් වෙනුවෙන් අදත් ඖෂධසැල් විවෘත කර තබන ලෙසට රජය උපදෙස් දී තිබේ.

මේ අතර ජල බිල්පතේ ගිනුම් අංකය 0779399999 යන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් ජල සැපයුම පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලබාදීමට ජල සම්පාදන මණ්ඩලය මගින් ලබාදී ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

Shiran Viraj

වෘත්තිය සමිති අරගල පාලනය කරන්න ඇමතිවරුන්ට උවමනාවක් නැහැ

Shiran Viraj

ජනාධිපති වෙන්න ගිය විජේදාස පොහොට්ටුවෙන් නෙරපයි..

Shiran Viraj