mediahumanrights.lk
News Sports Sports News

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ මීටර් 100 සහය දිවිම පිරිමි සහ කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (06) සමත් වූණා. මීටර් 100 සහය දිවිම පිරිමි ඉසව්ව ශ්‍රී ලංකාව ජය ගත්තේ නව දකුණු ආසියානු වාර්තාවක්ද පිහිටුවමින්. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග නිමි කාලය තප්පර 39යි දශම 1යි 4ක් වුණා.

මීටර් 100 සහය දිවීම කාන්තා ඉසව්ව ශ්‍රී ලංකාව ජය ගත්තේ තප්පර 44යි දශම 8යි 9ක තරග නිමි කාලයකින්.

මේ අතර දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ පිරිමි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙදී මාලදිවයින පරාජය කරමින් ලකුණු 98ක ජයග්‍රහණයක් ලබා  ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා.

පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිඩකයන් කඩුලු 04ක් දැවී ලකුණු 192යි. මාලදිවයිනේ පිළිතුරු ඉනිම කඩුලු 08ක් දැවී ලකුණු 94කට සීමා වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් කැපීපෙනෙන ක්‍රිඩකයා වුණේ පන්දු 54කදී ලකුණු 102ක් ලබා ගත් කමිදු මෙන්ඩිස්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයි

Shiran Viraj

අපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…

Shiran Viraj

මියගිය පොලිස් කොස්තාපල් උසස් කෙරේ

Shiran Viraj