mediahumanrights.lk
Local News News

බෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයි

බෞද්ධ උපදේශක මණ්ඩලය ඊයේ (05) පස්වරුවේ රැස්වුණා.
ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.
ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.
ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමින්වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප‍්‍රධාන ලේඛකාධිකාරි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින්වහන්සේ, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත මාහල්ලේ ධර්ම කීර්ති ශ‍්‍රී සුමංගල විපුලතිස්සභිධාන සංඝනායක ස්වාමින්වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ ඇතුළු නිලධාරින් පරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…

Shiran Viraj

සීඝ්‍රගාමී වෙලා ජීවිතේ ප්‍රශ්න පත්‍රයක්‌ කරගන්න කැමති නැති වත්සලා…

Shiran Viraj

රවි ජනාධිපතිවරණයට උතුරු කොළඹින් වැඩ අල්ලයි..

Shiran Viraj