mediahumanrights.lk
Local News News

විදුලි බලාගාර 4ක වැඩ නවතියි !

ලක්‍ෂපාන ජලාශයේ සිට පොල්පිටිය ජල විදුලිබලාගාරය දක්වා ජලය රැගෙන යන කිලෝ මිටර් 07ක් වු උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලක නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිබලාගාර 04ක විදුලි උත්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මෙලෙස තාවකාලිකව විදුලි උත්පාදනය නවත්වා ඇත්තේ ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලගාරවලය.
පෙරේදා (12) රාත්‍රියේ සිට එම උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලේ නඩත්තු කටයුතු සිදුකෙරෙන බව පැවසේ.
කාසල්රි ජලාශයෙන් ජලය ලබාගෙන විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරයේ ජලය විමලසුරේන්ද්‍ර ජලාශයෙන් ඊයේ (13) පස්වරුවේ සිටම කැළණි ගගට වාන් දැමීමට පටන්ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.‍

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

අවම බලය පලක් නෑ.. සෙබළුන් දෙදෙනකුට සිහි නැති වෙන්න ගහලා.. සියළු බලය යොදවනවා..- යුද හමුදාවෙන් නිවේදනයක්…

Shiran Viraj

අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…

Shiran Viraj

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි..

Shiran Viraj