යොවුන් වියේ දරුවන් සිටින නිවෙස් තුළ ගැටලුකාරි තත්ත්වයන් ඇති වන අවස්ථා සුලබය. එයට හේතුව යෞවනය සංක්‍රාන්ති සමයක් වීමයි. මවුපිය වැඩිහිටියන් මෙම තත්ත්වය තේරුම් ගැනීම තුළ මතුවන බොහෝ ගැටලු මඟහරවා ගත හැක. නව යෞවනයේ දරුවන්ද මෙම කාල පරිච්ඡේදය පිළිබඳ දැනුවත්ව සිටීම සැබැවින්ම ජීවන ගමනට සැහැල්ලුවක් ලබාදෙනු ඇත.
නව යෞවනයන් සම්බන්ධව ඇති අර්ථකථනයන්
නව යෞවනයන් – වයස අවුරුදු 10-19
තරුණයන් – වයස අවුරුදු 15-24
තරුණ ජනතාව – වයස අවුරුදු 10-24
ලෝක තත්ත්වය
ලෝක ජනගහනයෙන් 1/6 ක් – වයස අවුරුදු 15-24 අතර
මෙයින් වැඩි කොටසක් ජීවත් වන්නේ දියුණු වෙමින් පවතින රටවල
මෙම ජන කොටස රටකට නොසලකා හැරිය නොහැකි වටිනා සමාජමය කොටසකි.
ලංකාවේ තත්ත්වය
ජනගහනයෙන් 1/4 (මිලියන 5ක්) – වයස අවුරුදු 10-24 අතර
ජනගහනයෙන් 16% ක් – වයස අවුරුදු 10 – 19 අතර
– 70% ක් පාසල් යන
– 30% ක් පාසල් නොයන
ජනගහනයෙන් 15.6% ක් වයස අවුරුදු 15-24 අතර
නව යෞවනය යනු
ළමා කාලයේ අවසානයේ ඇති වැඩිහිටියන් වීමට පෙර ඇති සංක්‍රාන්ති සමය
නව යෞවනයන්ගේ සංවර්ධන අවශ්‍යතා සිවිල් සමාජයේ සියල්ලන්ටම වැදගත් වේ.
නව යෞවනයන්
තවදුරටත් දරුවෙක් හෝ වැඩිහිටියෙක් නොවන (Period oftransition) මේ වයසේදී විශාල වශයෙන් කායික මානසික සමාජයීය වෙනස්වීම් ඇතිවේ.
නව යෞවනයා යනු
සමාජයෙන් විවිධ දේ බලාපොරොත්තුවන
සෑම දෙයක්ම ඉක්මනින් ග්‍රහණය කරගන්නා
විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීමට විවිධ දේ කරන
අවදානම් හැසිරීම් සහිත
සම්ප්‍රදායට විරුද්ධව යන
විවිධ ගැටලුවලට මුහුණපාන
දඩබ්බර ගති පැවතුම් ඇති
අන්තර් පුද්ගල සම්බන්ධතා ඇතිවන
කලබලකාරි වයසකි
නව යොවුන් දරුවන් අවදානම් හැසිරීම් වලට යොමුවන්නේ ඇයි?
හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා
ඔවුන්ගේ මොළය වැඩීම සම්පූර්ණ වී නැති බැවින්
උදා – මුහුදේ නෑමට යාම සඳහා යහළුවෙක් කතා කරයි
මොළය වර්ධනය වන ආකාරය
වයස අවුරුදු 25 පමණ වන තුරු මොළය වර්ධනය වේ.
යොවුන් වියේදී මොළයේ පිටුපස සිට ඉදිරිපස දක්වා සෛල වල මයලීන් තැන්පත් වීම සිදුවේ.
මොළය වර්ධනය සහ සංවර්ධනය
මොළයේ පිටුපස ඇති ආවේග පිළිබඳ මධ්‍යස්ථානය වයස අවුරුදු 15 වන විට හොඳින් වර්ධනය වී ඇත.
නමුත් මොළයේ ඉදිරිපස ඇති තීරණ ගැනීම පිළිබඳ මධ්‍යස්ථානය වර්ධනය වෙමින් පවතී.
මොළයේ ඉදිරිපස කොටස – හැඟීම්/අවදානම් හැසිරීම් සම්බන්ධව – “තිරිංග පද්ධතිය” ලෙස ක්‍රියාකරයි.
මෙම කොටස වැඩීම සම්පූර්ණ වීම අවු.20-25 ත් අතර කාලයේ දී සිදුවේ.
නව යෞවනයන්ගේ කායික හා ලිංගික වෙනස්කම්
පිරිමි
ගැහැණු
නව යෞවනයන්ගේ චිත්තාවේගීය හා සමාජීය වෙනස්කම්
ශරීර පෙනුම ගැන නිතර සිතයි
තමාටම වෙන්වූ අනන්‍යතාවයක් ගොඩනගාගැනීම.
සිහින මැවීම.
ඉක්මනින් මානසික සහ චිත්තවේග තත්ත්වය වෙනස් වීම.
තමා ගැන සිහියෙන් සිටීම.
ලිංගික ආකර්ෂණය
කුතුහලයෙන් යුතුයි.
ශක්ති සම්පන්න සහ කලබල සහිතයි.
කරුණු ගැන සිතා තීරණ ගනී.
කරුණු තමාම සොයයි ඇගයීම් කරයි.
නව සබඳතා ඇතිකර ගනී.
යහළුවන්ට වඩාත් සමීප වේ.
නව යෞවනයන්ගේ සෞඛ්‍ය පිළිබඳ ගැටලු
ප්‍රජනක සහ ලිංගික සෞඛ්‍ය පිළිබඳ ගැටලු
HෂඪරැAෂDS තරුණයන් අතර පැතිරීමේ අවදානම
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග
නව යොවුන්වියේ ගැබ් ගැනීම්, අනාරක්ෂිත ගබ්සා, හදිසි අනතුරු, මානසික ගැටලු, දුම්බීම මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, සියදිවි හානිකර ගැනීම, නිදන් ගත රෝග
සෞඛ්‍යවත් නොවන ජීවන රටා
බෝනොවන රෝගවලට වැඩි ප්‍රවණතාවයක් දැක්වීම, හිංසනය හා අපයෝජනය, පෝෂණය සම්බන්ධ ගැටලු, රක්තහීනතාවය, ස්ථුලතාවය, කෘෂ භාවය
යොවුන් සෞඛ්‍ය සේවා
පාසල් වෛද්‍ය පරීක්ෂණය, සෞඛ්‍යවත් පාසල් පරිසරය. සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම, ජීවන නිපුණතා ප්‍රගුණ කිරීම, උපදේශන සේවාව, පර්යේෂණ සේවාව, යොවුන් මිතුරු සෞඛ්‍ය සේවාවන්
සුවබර ක්‍රියාශීලි යෞවනයකට මං පෙත් විවර කරන “යොවුන් පියස” වෙබ් අඩවිය අඅඅගහදමබචසහ්saගකන
යොවුන් දරුවන් සඳහාම වෙන්වී තිබෙන්නේ පෙරළිකාර යෞවනයේ මතුවන ගැටලුවලට විසඳුම් සොයා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අංශය මගින් දියත්කළ වැඩසටහනක් ලෙසිනි.
යෞවනයේ අතරමං නොවී නිවැරදි මඟ ගමන් කිරීමට යොවුන් පියස වෙබ් අඩවිය යොවුන් දරුවන්ට සැබෑම පිටිවහලක් වනු ඇති.
courtesy : divaina.com