mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු වලෙන් ගොඩට එන්න ජනතාවගෙන් සහය ඉල්ලයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ වනවිට පෙන්වන පසුබෑමේ ස්වරූපය වෙනස් කර ජයග‍්‍රාහී මාවතට අවතීර්ණ වීම සඳහා කළ යුත්තේ කුමක්දැයි මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ලිඛිතව තොරතුරු ලබාදෙන ලෙසටයි දැනුම් දෙන්නේ.
සභාපති, ජාතික ක‍්‍රීඩා සභාව, ක‍්‍රීඩා අමාත්‍යංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට අදහස් යොමු කළ හැකියි.
ක‍්‍රිකට් ක‍්‍රීඩාව යළි ගොඩනැගීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ වැඩමුළුවක් ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ඒ, සැප්තැම්බර් 15 වැනිදායි. ඒ සඳහා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ ප‍්‍රවීණයින් සහ විද්වතුන්ගේ ද අදහස් ලබා ගැනීමටයි නියමිතව ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න.. හෙට සිට ලොක්ඩවුන් වෙන්න සැරසෙන්න..

Shiran Viraj

Smart speaker sales will eventually hit a wall – report

Shiran Viraj

අද රැය "ගිණි ගත් රැයක්" බව වෛද්‍යවරු නිවේදනය කරයි

Shiran Viraj