mediahumanrights.lk
Local News News

"තුශාන් පුතා" ධීවර යාත්‍රාවට ගාළු මුහුදේදි හදිසියේ හමුවූ හඳුනා නොගත් වස්තුව – Photos

ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ යානාවක කොටසක් බවට සැක සිතිය හැකි හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයන් පිරිසක් විසින් ඊයේ (14දා) දහවල් ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
දිගින් අඩි හතරක් පමණ වන මේ හඳුනා නොගත් වස්තුව ධීවරයන්ට හමුවන විට පාවෙමින් තිබූ බවද මේ හඳුනා නොගත් වස්තුව බහුදින යාත්‍රාව මතට ගෙන එහි ඇනිය මත තබාගෙන ඊයේ දහවල් ගොඩබිමට රැගෙන ආ බවද අදාළ යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයකු පැවසුවා.
ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ආපසු ධීවර වරාය වෙත එමින් සිටි තුශාන් පුතා ධීවර යාත්‍රාවෙ සිටි ධීවර කාර්මිකයන් පිරිසකට මේ හඳුනා නොගත් යානා කොටස හමුව තිබුණා.
ගාල්ල වරාය පොලිසියේ නිලධාරීන්ද මේ හඳුනා නොගත් යානා කොටස තිබූ ස්ථානය වෙත ගොස් තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…

Shiran Viraj

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..

Shiran Viraj

බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..

Shiran Viraj