mediahumanrights.lk
News Political

විශ්වාසභංගය තුළින් ජනතාව දැනුවත් කිරීම අපේක්ෂාවයි

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම මඟින් රටේ ජනතාව දැනුම්වත් කිරීම අපේක්ෂාව වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ(24) පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා එම අදහස් පල කළේය.
රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසමට ගියාද නැද්ද යන්න වැදගත් නොවන අතර වැදගත් වන්නේ ඔහු අල්ලස් ලබා ගත්තේ ද යන්න බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් ඉදිරියේ දී මේ පිළිබඳ බලා ගත හැකි බවත් එහිදී ජනතාව තීන්දු ගනු ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Shiran Viraj

අපි පාවිච්චි කරන කාසි වලට එන අලුත් මෝස්තරේ මෙන්න

Shiran Viraj

රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..

Shiran Viraj