mediahumanrights.lk
Local News News

ගැටබරුව රජමහා විහාරයේ ඇසල මහා පෙරහැරට කප් සිටුවයි

ඓතිහාසික ගැටබරුව රජමහා විහාරයේ වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (31) අලුයම සිදු කෙරුණා.
ඒ පිළිබඳ අදහස් දක්වන ගැටබරුව රජමහා විහාරයේ ලේකම් ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන් සඳහන් කළේ කප් සිටුවීම පුරාණ චාරිත්‍රාණුකූලව එළඹුණු සුබ මොහොතින් සිදු කෙරුණු බවයි.
සැප්තැම්බර් මස 01 වැනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 02 වැනිදා උදෑසන සංඝගතදක්ෂිණාව පැවැත්වෙනවා. ඒ අනුව දෙවැනිදා, තුන්වැනිදා සහ හතරවැනිදා පළමු දෙවැනි සහ තෙවැනි පෙරහැර පැවැත්වෙන බවත් 05 වැනි පුර පසළොස්වක පොහොය දිනයේදී රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙන බවත් ගැටබරුව රජමහා විහාරයේ ලේකම් ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන් සඳහන් කළා .
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…

Shiran Viraj

අපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…

Shiran Viraj

ජනපති අද රට අමතයි.. සියළු නාලිකා ඔස්සේ..

Shiran Viraj