mediahumanrights.lk
International News News

ඉතාලියේ භූ කම්පනයකින් අයෙක් මරුට – 9ක් අතුරුදන්

ඉතාලියේ බටහිරදිග ඉෂියා දිවයින කේන්ද්‍ර කොටගෙන අද අලුයම ඇති වූ භූ කම්පනයකින් කාන්තාවක මිය ගොස් තවත් 9 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
සංචාරක නිකේතන දිවයිනක් වූ මෙහි තවත් පුද්ගලයන් 25 දෙනෙකු භූ කම්පනය හේතුවෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
රික්ටර් පරිමාණයේ 4ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයෙන් දිවයිනේ උතුරුදිග පිහිටි දේවස්ථානයක් කඩා වැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ බව සඳහන්.
මෙම භූ කම්පනය වාර්තා වන්නේ පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් මධ්‍යම ඉතාලියේ සිදුවූ භූ කම්පනයේ වසරක අනුස්මරණයට දින දෙකක් තිබියදීයි.
(under the courtesy of hirunews news web)

Related posts

අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…

Shiran Viraj

පෙරහැරවල අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් – අස්ගිරි පාර්ශ්වය දැනුම් දෙයි

Shiran Viraj

හදිසි විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ යන්ත්‍රයක්

Shiran Viraj