mediahumanrights.lk
Local News News

හෙට වැස්ස ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

හෙට (11) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේ සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් කියා සිටියි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් බිබිල ප්‍රදේශයේත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..

Shiran Viraj

දසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…

Shiran Viraj

ආණ්ඩුව නිල වශයෙන් සුළුතරය වේ.. විශාල පිරිසක් ස්වාධීන වෙති..

Shiran Viraj