mediahumanrights.lk
International News News

ෆ්ලොරිඩාහි සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයින් 5 ක් මරුට

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ෆ්ලෝරිඩාහි, ඕලන්ඩෝහි සේවා ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ සේවා ස්ථානයේ සේවකයෙකු වන ජෝන් රොබට් නමැති 45 හැවිරිදි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු ද වෙඩි තබාගනිමින් සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් අදාළ පුද්ගලයා ත්‍රස්ත සංවිධානයකට අයත් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි…

Shiran Viraj

ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

Shiran Viraj

මෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..

Shiran Viraj