mediahumanrights.lk
Local News News

වැරදි පාරේ ගිය 4765ක් දවස් 04කදී අල්ලයි

දින 04ක් ඇතුළත මංතීරු නීතිය කඩ කළ රියදුරන් හාරදහස් හත්සිය හැට පස් දෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය පවසනවා. කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයන්හි ක‍්‍රියාත්මක කල මන්තීරු නීතිය යටතේ වැරදි ලෙස රිය ධාවනය කළ රියදුරන්ට මෙලෙස නීතිය ක‍්‍රියාත්මක කළ බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙම රියදුරන් සඳහා දඩ පත‍්‍රිකා මෙන්ම සති අන්තයේ පැවැත්වෙන රථ වාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්. මන්තීරු නීතිය ඉදිරියේදී ද දැඩි ලෙස ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

(under the courtesy of nethfm news web)

Related posts

ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ

Shiran Viraj

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

Shiran Viraj

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj