mediahumanrights.lk
Local News News

සෙල්ෆි ඡායාරූපය වෛද්‍යවරයාගේ ජීවන ගමනට තිත තැබූ බව හෙළිවේ

මාකෙලිය ඇල්ල නැරඹීමට ගොස්  මාකෙලි ඇල්ලෙන් ඇද වැටී අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මළ සිරුර ඊයේ හමුවුණා.
මාකෙළි ඇල්ල ජලාශය ආසන්නයේ ගලක්‌ මත නැගී සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී පය ලිස්සා යාමෙන් ඔහු මෙම අනතුරට පත්ව ඇති බවයි බදුරලිය පොලිසිය පවසන්නේ.
27 හැවිරිදි මෙම වෛද්‍යවරයා පය ලිස්සා යාමෙන් ඇල්ල පාමුල පිහිටි ගැඹුරු ස්ථානයකට වැටී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
පසුව ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාව එක්ව සිදුකරන ලද මෙහෙයුම්වලින් අනතුරුවයි ඊයේ මෙම වෛද්‍යවරයාගේ සිරුර හමුවී ඇත්තේ.
දෙමළ භාෂා පුහුණු පාඨමාලාවක්‌ සඳහා අගලවත්ත – ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයට පැමිණි අවස්ථාවේ ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බව සදහන්.
පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මළ සිරුර නාගොඩ රෝහලට රැගෙන ගිය බව සදහන්.
(under the courtesy of hirunews news web)

Related posts

කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනා

Shiran Viraj

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

Shiran Viraj

රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

Shiran Viraj