26.1 C
Colombo
2025-07-31
mediahumanrights.lk
Local NewsNewsPolitical

විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක්

භාවිතා කරන වේලාව අනුව විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක් තෝරාගැනීමට එකලා විදුලිය භාවිත කරන පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව රාත්‍රි 10.30 සිට පසුදා උදෑසන 5.30 දක්වා කාලය තුළ විදුලි ඒකකයක් සඳහා රුපියල් 13ක් අය කෙරෙන අතර අළුයම 5.30 සිට එදින සවස 6.30 දක්වා විදුලි ඒකකයක් සඳහා රුපියල් 25ක් ද, සවස 6.30 සිට එදින රාත්‍රි 10.30 දක්වා කාලය තුළ විදුලි ඒකකයක් සඳහා රුපියල් 54ක් අය කෙරෙනු ඇත.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පමණක් මෙම ක්‍රමය තෝරාගත හැකි බවය.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

Shiran Viraj

මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්

Shiran Viraj

‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..

Shiran Viraj