mediahumanrights.lk
News Sports Sports News

ජය පූනේ සුපර් ජයන්ට් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටයි

ඉන්දීය ප්රිමමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ ඊයේ (1)පැවති තවත් තරඟ දෙකකින් ජයගැනීමට රයිසින් පූනේ සුපර් ජයන්ට් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමත්ව තිබේ.
ඒ අනුව ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් කඩුලු පහක ජයක් හිමිකර ගැනීමට පුනේ කණ්ඩායම සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 161ක් ලබාගත් අතර පුනේ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු පහක් දැවී එම ඉලක්කය පසු කළේය.
පුනේ ඉනිම වෙනුවෙන් බෙන් ස්ටොක් නොදැවී ලකුණු 103යි.
මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු පහක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 161ක් ලබාගත්තේය.
ඊට පිළිතුරු ලෙස මුම්බායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු පහක් දැවී එම ඉලක්කය පසු කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

පාස්කු ප‍්‍රහාරයට අත්අඩංගුවට ගත් බදියුදීන් සොයුරා ඇතුළු පිරිසක් නිදහස් කරන්නැයි බලපෑම්..

Shiran Viraj

තරු හෝටලයක කොරෝනා පොකුරක්… සංචාරකයන් ඇතුළු රැසක් ආසාදිතයි..

Shiran Viraj

තැපැල් වර්ජනයක් ළඟ එනවලු

Shiran Viraj