mediahumanrights.lk
Local NewsNews

ඇඟිලි සලකුණ අනිවාර්යයි

රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම හා පිටවීම සනාථ කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ලබන ජූලි මස පළමුවැනිදා සිට අනිවාර්ය කර තිබෙනවා.
ඒ බව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ සංස්ථා ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම්දුන් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කළේ.
සියලුම රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කර යුතු බවට මෙවර අයවැය මගින් ද යෝජනා වී තිබුණා.
කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි කියා සිටියේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කරන ලෙසට මීට පෙර දැනුම්දී තිබුණ ද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නැවත චක්‍රලේඛයක් මගින් ඒ බව දැනුම්දුන් බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

කොළඹ ඉදිකිරීම් 500ක් ඉවත් කරන්නැයි නිවේදන…

Shiran Viraj

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

Shiran Viraj

‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

Shiran Viraj