25.7 C
Colombo
2025-07-26
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්

ආපදාවට පත්වූ ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ගංවතුරට යටවූ නිවෙස් වල විදුලි මීටර නොමිලේ ලබාදීමට අපේක්ෂා කරන බව ඔහු පැවසුවේය.
එමෙන්ම අදාළ නිවෙස් වල හානියට පත්වූ විදුලි පරිපථ පද්ධති ද විදුලිබල මණ්ඩලය විසින් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව නොමිලයේ මීටර ලබාදීමට සැළසුම් කර ඇති බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර ආපදාවට ලක්වූ ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය සහන කටයුතු සැළසීම සඳහා විදුලිබල මණ්ඩලයේ නඩත්තු කණ්ඩායම් යෙදවීමට සැළසුම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් 1987 සහ 1910 මෙන්ම  1901 යන දුරකථන අංකවලට ඇමතීමෙන් අවශ්‍ය සහය ලබාගත හැකි බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ප්‍රකාශ  කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

නොරොච්චෝල යලි බිද වැටේ…

Shiran Viraj

සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්..- හමුදාපති

Shiran Viraj

පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි..- අගරදගුරු

Shiran Viraj