mediahumanrights.lk
International News News

ට‍්‍රම්ප් – ඔබාමා දුරකතන අවුල දුරදිග යයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දුරකතන සංවාදවලට රහසිගතව සවන් දෙන ලෙසට හිටපු ජනාධිපති බරක් ඔබාමා කළ බව කියන නියෝගයට අදාළ සිද්ධිය මේ වනවිට දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.
එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ජේමිස් කොමෙයි පවසන්නේ ඔබාමා එවැනි කිසිදු නියෝගයක් නිකුත් නොකල බවයි.
ට‍්‍රම්ප් ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටියා.
මෙම සිද්ධිය සාක්‍ෂි සහිතව ඔප්පු කරන ලෙසටයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් නියෝග කර ඇත්තේ.
රිපබ්ලිකන් පක්‍ෂ සෙනට් සභික බෙන් සැසී ප‍්‍රකාශ කළේ ට‍්‍රම්ප් ජනාධිපතිවරයා මෙම සිද්ධිය ඉතා බරපතල සිද්ධියක් සේ සලකා කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් තමන් එවැනි කිසිදු නියෝගයක් කිසි දිනෙක නිකුත් නොකළ බව හිටපු ජනාධිපති බරක් ඔබාමා පවසනවා.
ඔබාමාට කිසිදු අමෙරිකානු පුරවැසියෙකුගේ දුරකතන සංවාදවලට සවන්දීමට අවශ්‍යතාවක් නොතිබූ බවයි ඔබාමාගේ ප‍්‍රකාශකවරයාද සදහන් කර ඇත්තේ.

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා ‘ඉතා ඉහල 4 වන’ මට්ටමේ.. සංචාරය නොකරන්නැයි ඇමරිකාව නිවේදනය කරයි…

Shiran Viraj

ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගිවුවා..

Shiran Viraj

මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..

Shiran Viraj