mediahumanrights.lk
Local News News

බුදු දහම පෝෂණය කිරීමේ වගකීම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා

බුදු දහම පෝෂණය කිරීමේ සහ  සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහම සම්බන්ධයෙන් සඳහන් කරුණු තව තවත් ශක්තිමත් කිරීමට ද පියවර ගන්නා බවය.
එය ලිඛිත කරුණු වලට පමණක් සීමා නොකොට බුදු දහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා පවසයි.
කෑගල්ල, නාපේ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

Related posts

සයිටම් ගැන වැදගත් තීන්දුවක්‌

Shiran Viraj

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

Shiran Viraj

ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…

Shiran Viraj