mediahumanrights.lk
Local News News

SAITM අර්බුදය සාධාරණ ලෙස විසඳනවා – ජනපති

කිසිවෙකුට අසාධාරණයක් නොවන අයුරින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව විසඳන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොරොන්දු විය.
ජනාධිපතිවරයා මෙසේ පොරොන්දු වුණේ, අද නුවරඑළියේ පැවති උත්සවයක් අමතමිනි.
වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ පළමු ගම්මානය ලෙස නුවරඑළිය, ආගරපතන, හුට්විල්පුර අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළේ ය.
ලයිම් කාමර වෙනුවට වතු ආශ්‍රිතව නව ගම්මාන ඇති කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකළ මෙම ගම්මානය නිවාස 150කින් සමන්විත ය.
පර්චස් 07ක භූමියක වර්ග අඩි 550ක නිදන කාමර, විසිත්ත කාමරයක්, මුලුතැන් ගෙයක් හා නාන කාමරයක් ඇතුළු පහසුකම් සහිතව එහි නිවාස ඉදිකර තිබේ.

Related posts

‘අපේ මෛත‍්‍රි ජනාධිපති අපි බලාගන්න සූදානම්’ – හිටපු ජනපති මහින්ද කියයි

Shiran Viraj

කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..

Shiran Viraj

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

Shiran Viraj