mediahumanrights.lk
Local News News

රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානි


රත්නපුර, නිවිතිගල, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව ය.
මේ වන විට ඉන් අක්කර 10කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.
රක්ෂිතය මධ්‍යයේ ගින්න හට ගෙන ඇති බැවින් ගිනි නිවීමේ කණ්ඩායම්වලට ද මෙතෙක් එම ස්ථානයට ළගා වීමට හැකියාවක් ලැබී නොමැති අතර මින් කිසිඳු ජීවිත හානියක් සිදු ව නොමැති බව ද පොලීසිය සඳහන් කළේ ය.

Related posts

“දඩාස්‌ ගාලා පුතා පින්තූර ගොඩට වැටුණා, ලේලිගේ බෙල්ලේ තිබුණු ලණුවත් කැපුවා” මාතරම හඬවා අවසන් ගමන් ගිය යුවළ

Shiran Viraj

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

Shiran Viraj

ගම්මිරිස් ගොවීන් අසීරුවේ

Shiran Viraj