mediahumanrights.lk
International NewsNews

YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

ජනප්‍රිය වෙබ් අඩවියක් වන යූටියුබ්හි මූලස්ථන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබේ.
අමෙරිකාවේ, උතුරු කැලිෆෝනියාහි පිහිටි යූටියුබ් මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, කාන්තාවක විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර පසුව ඇය තමාට ද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව ය.
වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, තුවාල ලැබූ අයගේ තත්ත්වය ඉතා බරපතල බව ය.
අනතුරින් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, 32 සහ 27 වන වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
වෙඩි වැදුණු පිරිමි පුද්ගලයා ප්‍රහාරය එල්ල කළ කාන්තාවගේ පෙම්වතා බව අමෙරිකානු පොලීසිය ප්‍රකාශ කළේ ය.
වෙඩි ප්‍රහාරය කුමක් අරමුණෙන් සිදු කළා ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත

Related posts

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

Shiran Viraj

කරුණා අම්මන්ගේ විමර්ශන අවසන්

Shiran Viraj

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වීඩියෝවක් සමාජ ජාල කළඹයි -VIDEO

Shiran Viraj
Translate »