mediahumanrights.lk
Local NewsNews

මෙවර කම්කරු දිනය කල්දමයි

ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් රට තුළ පැවැත්වීමට නියමිත සියලු පෙළපාලි සහ රැස්‌වීම් මැයි මස 07 වැනිදාට යොදා ගැනීමටත්, එදින රජයේ නිවාඩු දිනයක්‌ බවට පත් කිරීමටත් රජය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27 දා) ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ යෝජනාව තමන් ඊයේ පැවැති කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ බවත්, මෙම තීරණය සියලු දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති වෙත ඉදිරියේදී දැනුම් දෙන බවත් ජනාධිපතිවරයා පැවැසීය.
ලෝක කම්කරු දිනය සහ වෙසක්‌ පුර පසලොස්‌වක පොහෝ දිනය එක ළඟ යෙදීම නිසා බෞද්ධාගමේ ප්‍රබෝධය වෙනුවෙන් පැවැත්වෙන කටයුතුවලට බාධාවක්‌ වන බවත්, එම නිසා මැයි දින කටයුතු සතියකින් පමණ කල් දමන ලෙසත් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් තමන්ගෙන් සහ අගමැතිවරයාගෙන් සංදේශ මගින් ඉල්ලීම් කර තිබූ බවත් ජනාධිපතිවරයා කීවේය.
එම ඉල්ලීම් සලකා බලමින් මැයි 01 දාට යෙදෙන මැයි දින සැමරුම් කටයුතු සතියකට කල් දැමිමට රජය තීරණය කළ බවත් 1960 දශකයේදී වෙසක්‌ පොහෝ දිනයක්‌ ද මැයි 01 වැනිදාට යෙදීමෙන් ඇතිවූ අත්දැකීම් තමන්ට මතක තිබෙන බවත් ජනාධිපතිවරයා පැවැසීය.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හැටියට පත් අතිපූජ්‍ය ගංතුනේ අස්‌සජි මහනාහිමියන් වෙත සන්නස්‌ පත්‍ර පිරිනැමීම නිමිත්තෙන් කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා එසේ කීවේය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

නිලුක කරුණාරත්න ක‍්‍රීඩාවෙන් සමුගනී…

Shiran Viraj

ලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..

Shiran Viraj

විදුලි ගාස්තු ඉහලට…

Shiran Viraj
Translate »