mediahumanrights.lk
Local News News

මිනිස් හිසක් හමු වූ සිද්ධියේ කඳ කොටස ගොඩ ගන්න පොලිසිය යයි

අඟුණකොලපැලැස්ස ගෝටාබේගම ප‍්‍රදේශයේ ඇති බව කියන හිස නැති මිනිස් කඳ කොටස සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරික්ෂණ කි‍්‍රයාත්මක කෙරෙනවා.
එය සොයා ගැනුනේ ඊයේ (18) දිනයේදීයි.
ප‍්‍රදේශයේ වෙල් යායක එම මිනිස් කඳ කොටස වළදමා ඇති බවටයි පැවසෙන්නේ.
එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි අගුණකොලපැලැස්ස පොලීසිය පැවසුවේ. අද (19) පස්වරුවේ කඳ කොටස ගොඩ ගනු ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.
ඉකුත් දා කොළඹ කෙසෙල්වත්ත, අබ්දුල් හමීඞ් වීදිය ප‍්‍රදේශයේ තිබී සොයා ගැණුනු මිනිස් හිස කොටසට අයත් කඳ කොටස මෙය විය හැකි බවටද සැක පලවි තිබෙනවා. එම හිස කොටස පාතාල සාමාජික කොස් මල්ලිගේ බවටයි විශ්වාස කෙරෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවා. සැකකරුවන්ගෙන් ලද ප‍්‍රකාශ මතයි කඳ කොටස වළ දමා ඇති අඟුණකොලපැලැස්ස ප‍්‍රදේශයේ වෙල් යාය පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැණුනේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

Shiran Viraj

කාසියේ වාසිය ඉන්දියාවට! පිත්ත අපට! තරගය ඇරඹෙයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…

Shiran Viraj