mediahumanrights.lk
Local NewsNews

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ලු

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අනුව ඊට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා.
අදාළ වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා ඊයේ (03) සිදු කළ විශේෂ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
ප‍්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුව මගින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම නිත්‍යනුකූල නොවන අයුරින් මුදල් උපයා ඇති බවයි අදාළ කොමිෂන් සභා වාර්තාව මගින් අනාවරණ කර ඇත්තේ.
ඒ අනුව, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ද්විතීක වෙළඳපොළේ ගනුදෙනුවලින් පමණක් ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145ක් වන බව වාර්තාවේ සඳහන් බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. එමගින් රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 8529ක්.
කෙසේ වෙතත් මෙම ගනුදෙනුවෙන් සිදුව ඇති අලාභය කොමිසම ගණනය කර ඇති ප‍්‍රමාණයටත් වඩා වැඩි විය හැකි බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගිනිගත් නැව මුළුමනින්ම මුහුදුබත් වේ.. දැවැන්ත පරිසර හානියක්.. ඉන්දීය වෛරසයත් ආ හැකියි.. මාළු කෑමත් විෂ වෙයි.. අම්ල වැසි..

Shiran Viraj

යුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්

Shiran Viraj

මූල්‍ය අංශය වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක්

Shiran Viraj
Translate »