2026-07-11
mediahumanrights.lk
Local NewsNews

ආදිවාසී නායකයා අමාත්‍යංශයක් ඉල්ලයි

මෙරට ආදිවාසීන්ගේ වගකීම අමාත්‍යංශයකට භාරදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළේය.
ඒ මහියංගනය මොරබැද්දේ පැවති ආදිවාසී දින සැමරුම් උත්සවයකට එක්වෙමිනි.
ජාතික භාෂා අමාත්‍යංශයට ආදිවාසී භාෂාව ආරක්ෂා කිරීමට වගකීමක් තිබෙන බවද ආදිවාසී නායකයා මෙහිදී සඳහන් කළේය.
ආදිවාසීන්ගේ අවශ්‍යතා සොයා බැලීමට සිය අමාත්‍යංශය බැඳී සිටින බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (09) ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික භාෂා අමාත්‍යංශයට ආදිවාසී භාෂාව ආරක්ෂා කිරීමට වගකීමක් ඇති බවත් ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත ජනවාර්ගික සභාවේ ප්‍රධාන තනතුර ආදිවාසී නායකයාට ලබා දීමට කටයුතු කරන බවත්ය.

Related posts

උතුර පුරාම කොටි සැමරුම්

Shiran Viraj

රාගම පෞද්ගලික රෝහලක් වසයි : නිලධාරියෙකුට කොරෝනා

Shiran Viraj

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Shiran Viraj
Translate »