28 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..

රජය තමන්ට දුන් පොරොන්දු මෙවර අය – වැයෙන් ඉටු නොකළහොත් සියලු විදුහල්පතිවරුන් අය – වැය තෙවැනි වර කියවීම අවසන් වීමට පෙර කොළඹට පැමිණ විරෝධතාවක නිරතවන බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

අවුරුදු 27 ක සිට තිබෙන වැටුප් විෂමතාව තවමත් එලෙසම බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.

” අවුරුදු 27ක් තිස්සේ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට තිබුණු වැටුප් විෂමතාව තවත් වැඩි වීමක් මේ අය-වැය හරහා සිද්ධ වෙලා. ඒ නිසා විදුහල්පති දීමනාව වැඩි කරන්න, වැටුප් වර්ධන සම්බන්ධ ගැටලු සියල්ල විසඳන්න, දුරකථන දීමනාව ඇතුළු අනෙකුත් දීමනා මේ අය-වැයෙන් ලබා දෙන්න. මෙන්න මේ ඉල්ලීම් මුල් කරගෙන ලංකාවේ සියලු ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් අය-වැය අවසානයට පෙර කොළඹට කැඳවන්න විධායක සභාව තීන්දු කරලා තිබෙනවා.”

Related posts

8 හැවිරිදි දියණියට කථිකාචාර්ය පියා කළ නරුම වැඩේ

Shiran Viraj

අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයි

Shiran Viraj

සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

Shiran Viraj
Translate »