2026-08-18
mediahumanrights.lk
Local NewsNews

විභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…

සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාම තහනම් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දුරකථන රැගෙන යාමට අවසර හිමි වනුයේ විභාග ශාලාධිපති සහ අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණයි.

උද්ගතවූ ගැටලු හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

මේ අතර විභාග කාලය තුළ විභාග කටයුතු අධීක්ෂණය ද ශක්තිමත් කර තිබේ.

ඒ අනුව අධීක්ෂණ කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්‍යාල නිලධාරීන් ද යොදා ගැනීමට නියමිතයි.

එක් අධීක්ෂණ නිලධාරීයෙකු දින 15ක් තුල විභාග මධ්‍යස්ථාන 20ක් ආවරණය කළයුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

රනිල්-සජිත් එක්වෙයිද..

Shiran Viraj

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුදමය විකල්ප පවා සලකා බලන බව ධවල මන්දිරය පවසයි

Shiran Viraj

පුබුදුගේ පෙම්වතිය NSBM එකේ අවුරුදු කුමාරිය වුන හැටි – Photo

Shiran Viraj
Translate »